පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන ප්‍රකාශයක්

පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නව පළාත් සභා මැතිවරණ පනත සම්මත කිරීමෙන් පසුව බව බලශක්ති ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසයි.  

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ දින වකවානු සම්බන්ධයෙන් ඊයේ(29) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිසිදු සාකච්ඡාවක් සිදුනොවූ බවත්, එහිදී සාකච්ඡා වූයේ පළාත් සභා මැතිවරණ නීතිය වෙනස් විය යුතුය යන කාරණය සම්බන්ධයෙන් පමණක් බවත් ඇමැතිවරයා කියයි. 

 ඇමැති උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන තිබේදැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(30) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.  පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධන කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලය වෙත ඊයේ ඉදිරිපත් වූ බවද ඇමැතිවරයා එහිදී පැවසීය. 

 420 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply