විස පොල් තෙල් පන්සල්වලට පහන් පත්තු කරන්න දෙන්න – සීලරතන හිමියෝ ඉල්ලති

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගෙනා පොල්තෙල් විස සහිත පොල් තෙල් බවත් ,සිංහලයා සහ හින්දු මිනිසුන් මැරෙීමේ සංකල්පයෙන් මේවා රැගෙන විත් ඇති බවත් සීලරතන හිමියෝ පවසති.

එසේ හෙයින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පොල්තෙල් ආනයනය කරන ලද අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටී .

එමෙන්ම මෙම පොල්තෙල් පරිභෝජනයෙන් වළකින ලෙසත් එම පොල් තෙල් වර්ජනය කරන ලෙසත් උන්වහන්සේ කියා සිටී .මේවා අනුභව කිරීමෙන් කුඩා දරුවන් සහ වැඩිහිටියන් ඉදිරි කාලයේදී රෝගාතුර විය හැකි හෙයින් එයින් වළකින ලෙසත් සදහන් කරයි.

මෙම පොල් තෙල් මෙරටට ගෙන්වීමට රජයේ කවුරුන් හෝ සම්බන්ධ බවත් එයට රජයේ වගකිව යුතු බවත් උන්වහන්සේ පෙන්වා දෙයි. එමෙන්ම මෙම පොල්තෙල් අලෙවි නොකරන ලෙසත් ඒවා වෙහෙර විහාර සඳහා පහන් දැල්වීමට පූජා කර පින් රැස්කර ගන්නා ලෙසත් උන්වහන්සේ දන්නවා සිටී.

 3,504 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0

Leave a Reply