හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් නිදොස් කොට නිදහස්

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඇතුලු 03 දෙනෙකු අල්ලස් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි. 

මෙම නඩුව අද (30) කැදවූ අවස්ථාවේ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් සුභාෂිනී සේනානානායක මහත්මිය කියාසිටියේ විත්තිකරුවන්ට අදාළ චෝදනා ඉල්ලා අස්කරගන්නා බවයි. 

ඒ අනුව හිටපු අගවිනිසුරු මොහාන් පිරිස්,  වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච් එම් ඩී නවාස් හා විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම් එම් සී ෆර්ඩිනැන්ඩු යන අය නිදොස්කොට නිදොස් කෙරුණි. 

ලංකා විදුලි සමාගමට අයත් ඉඩමක් මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එහි සභාපති ඇතුලු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට උපදෙස් නොදීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණි.

 831 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply