තහනම් පොල් තෙල් බවුසර් දෙකක් දංකොටුවෙන් හමුවේ!
විෂ රාසායනික අඩංගු බවට අනාවරණය වී ඇති ආනයනික පොල් තෙල් බවට සැක බවුසර් දෙකක් දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පොල් තෙල් ලීටර් 27,500ක් එලෙස ඊයේ (29) රාත්රියේ දී අත්අඩංගුවට ගෙන ඇත.
තෙල් බවුසර් දෙකෙහි රියදුරන් දෙදෙනාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් මුදා හැර තිබේ.
රාගම ප්රදේශයේ පිහිටි ගබඩාවකින් පසුගිය 25 වැනිදා එම පොල් තෙල් තොගය රැගෙන ආ බව සැකකරුවන් පවසා ඇත.
එම තෙල් බවුසර් දෙක දංකොටුව නගරයට ආසන්නයේ ඇති තෙල් මෝලක භූමියේ රඳවා තිබිය දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බවුසර්වල ඇති තෙල් සාම්පල ලබා ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව දංකොටුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
511 total views, 5 views today
What’s your Reaction?
+1
+1
+1
+1
1
+1
+1
+1