මහාචාර්ය නීලිකාද ඇතුළත් ඔක්ස්ෆර්ඩ් විශේෂඥ කණ්ඩායම සොයාගත් කොවිඩ් හඳුනා ගන්න අලුත්ම ක්‍රමය!

කොවිඩ් 19 වෛරස ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක් මෙරට මහාචාර්ය නීලිකා මලවිගේද ඇතුළත් ඔක්ස්ෆර්ඩ් සරසවි විශේෂඥ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

කොවිඩ් වෛරස් ප්‍රතිදේහ පරීක්ෂා කෙරෙන මෙම පරීක්ෂණය ඇඟිලි තුඩකින් ලබා ගන්නා රුධිර බිඳුවකින් සිදු කරනු ලබන අතර එය ඉක්මන් හා භාවිතයට ඉතා පහසු ක්‍රමවේදයක් බව පර්යේෂකයින් පවසයි.

මෙම පර්යේෂණය සඳහා නියැඳි 3000ට වඩා පරීක්ෂා කළ බව විශේෂඥ කණ්ඩායමට මෙරටින් එක්වූ මහාචාර්ය නිලීකා මලවිගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මූලික අත්හදා බැලීම් වලදි ඉතා සාර්ථක ප්‍රතිපල පෙන්වූ මෙම පරීක්ෂණය සාර්ථකව ප්‍රතිදේහ ජනනය කළ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා භාවිත කිරීමට හැකි බව පර්යේෂකයින් පවසයි.

 504 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply