එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මේ රටට පැමිණේවී – සුමන්තිරන්

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් පවසයි.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාවන් නිසි ලෙස ක‍්‍රියාවට නැංවීමට ශ‍්‍රී ලංකා රජය පියවර නොගතහොත් ඒ දේ සිදුවන බව හෙතෙම අවධාරණය කරයි.

යාපනයේදී පෙරේදා (28) මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටි මන්ත‍්‍රීවරයා සඳහන් කළේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවන් ක‍්‍රියාවට නැංවීම සඳහා රජය බැඳී නොමැති බව ඇතැම් අමාත්‍යවරුන් ප‍්‍රකාශ කළත් සත්‍ය තත්ත්වය වන්නේ එම යෝජනා අනිවාර්යෙන්ම ක‍්‍රියාවට නැංවිය යුතු බව ඔහු පවසයි.

වසර කීපයක්ම යෝජනා වූ ජිනීවා යෝජනාවන් ක‍්‍රියාවට නැංවීමට ඒ ඒ කාලවල රජයන් අපොහොසත් වී තිබීම නිසා ශ‍්‍රී ලංකාවේ තත්ත්වය නරක අතට හැරී ඇති බව කී මන්ත‍්‍රීවරයා එවැනි පසුබිමක අවාසනාවන්ත තත්ත්වය වන්නේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මේ රටට පැමිණීම බවද පැවසීය.

ජිනීවා මානව හිමිකම් කමිටුවේ නිර්දේශවලට අනුව ශ‍්‍රී ලංකා රජයට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් හා ජිනීවා යෝජනාවලට වගවීම් සම්බන්ධයෙන් විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට ඇති බව අමාත්‍යවරුන් තේරුම් ගෙන ප‍්‍රකාශ නිකුත් කළ යුතුව ඇතැයිද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කීය.

 1,418 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply