තෙල් තොගය පිටින්ම ආපසු හරවා යවයි – පිළිකාකාරක පොල්තෙල් ගෙනා සමාගම් තුනට වෙච්ච වැඩේ! [VIDEO]

මෙරටට ආනයනය කළ ඇෆ්ලටොක්සින් නම් පිළිකා කාරකය අඩංගු පොල්තෙල් තොගය වහාම යළි ප්‍රතිඅපනයනය කරන ලෙසට අදාළ සමාගම්වලට දැන්වූ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය පවසනවා. එලෙස මෙරටට ගෙන් වූ පොල්තෙල්වල සාම්පල පරීක්‍ෂා කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදුකළා. එහි දෙවන සාම්පල් පරීක්‍ෂාවෙන්ද තහවුරු වී ඇත්තේ අදාළ පිළිකා කාරකය එම පොල්තෙල්වල අඩංගු බවයි.

ඊට අදාළ අවසන් වාර්තාව අද පෙරවරුවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත භාරදෙනු ලැබුවා. ඒ පිළිබද කරුණු දැක්වීම සදහා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය සදහන් කළේ එම පොල්තෙල් තොගය ප්‍රතිඅපනයන කරන ලෙසට අදාළ සමාගම් වෙත දැන් වූ බවයි.

ඒ අනුව අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් හා කටාන රිෆයිනරීස් යන සමාගම් ආනයනය කළ පිරිපහදු නොකළ තෙල්තොගවල “ඇෆ්ලටොක්සින්“නමැති ප්‍රබල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට දෙවන වරටත් සනාථ වූ බැවින් එම සමාගම් ගෙන්වූ තෙල් තොග ප්‍රති අපනයනය සඳහා කටයුතු කෙරෙන බවයි පැවසෙන්නේ…

 324 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply