වන විනාශයට අපි සම්පූර්ණ විරුද්ධයි -රිෂාඩ් බදියුදීන්
විල්පත්තුව විනාශ කලා කියන චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බවත් ලංකාවේ තිබෙන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන දෙකක් එම චෝදනාව තමාට එල්ල කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසයි .
ඒ පිටුපස ඇතැම් ආගමික නායකයන්ද සිටි බවත් මෙම චෝදනාව සම්බන්ධයෙන් තමාට උසාවිය හරහා සාධාරනයක් ඉටු වේයැයි තමන් විශ්වාස කරන බවත් හෙතෙම පවසයි .
මේ ආණ්ඩුව මගින් සිදු වෙනවාය කියන වන විනාශය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නයකදී ඔහු කියා සිටියේ ඔහු එයට තදින්ම විරුද්ධ බවයි . වන විනාශයක් නොවන්නේ නම් විපක්ෂයෙන් එවැනි චෝදනාවක් එල්ල කරන්නේ ඇයි? දැයි ඔහු ප්‍රශ්න කර සිටී.
එමෙන්ම වන විනාශය නතර කරන ලෙස තමා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය නැඟු ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි .
10,219 total views, 10 views today
What’s your Reaction?
+1
1
+1
2
+1
1
+1
33
+1
1
+1
1
+1
1