මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීමට ඒකාබද්ධ කමිටුවක්

මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකිවයුතු සියළු පාර්ශවයන්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ඒ අනුව එම කමිටුව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි සති දෙක තුළ රැස්වීමට සහ ඉදිරි කටයුතු සැලසුම් කිරීමට එහිදී එකඟතාවය පල විය. 

තීරණ ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදීය. 

1996 අංක 947/13 දරන ගැසට් පත්‍රය මගින් මුතුරාජවෙල අභයභූමියක් ලෙස ගැසට් කර තිබුණද එම අභයභූමියේ මායිම් ලකුණු කිරිමක් මේ දක්වා සිදු නොවීම පිලිබඳව කමිටුවේ අවධානයට යොමු විය.  එයට අමතරව මුතුරාජවෙල පරිසර පද්ධතිය හෙක්ටයාර 2569ක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය හඳුනාගෙන තිබුණද හෙක්ටයාර 1285ක් පමණක් අභයභූමිය ලෙස හඳුනා ගැනීමට හේතු කවරේද යන්න පිලිබඳවද කමිටුව එහිදී විමසීමට ලක් කලේය.

 414 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply