බඹරකන්ද දිය ඇල්ලේ සංචාරයට ගිය පිරිසක් අතරමං
බඹරකන්ද දිය ඇල්ල සංචාරයට ගිය පිරිසක් අතරමං වී තිබෙන බවට ලද තොරතුරක් මත ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කළ දැනුම් දීමකට අනුව ඔවුන් සොයා මෙලෙස මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව හල්දුම්මුල්ල පොලීසිය සඳහන් කරයි.
සංචාරය සඳහා 11 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණ තිබෙන බව සඳහන්ය. පිරිස ඇල්ල නැරඹීමට ගොස් තිබෙන අතර ඒ වන විට පැවති වර්ෂාව සහ මීදුම හේතුවෙන් අතරමං වී ඇති බවටයි වාර්තා වී තිබුණේ.
698 total views, 15 views today
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1