රටේ ක්‍රීඩා අර්ථිකය ශක්තිමත් කිරීමට ඇමති නාමල් සූදානම්

එල්.පී.එල්. වැනි සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ වූ තරගාවලි කිහිපයක්  පවත්වා ක්‍රීඩා ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය  නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 

කතරගම රජ මාවතේ සුසන්ත මෝටර්ස් ඉදිරිපිට දී 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව ඊයේ (27) පවත්වනු ලබන තරග ඇවිදීමේ තරගාවලියේ (කාන්තා/පිරිමි) ආරම්භක සංඥාව නිකුත්  කරමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය. තරග විනිසුරුවන්, පුහුණුකරුවන්, ක්‍රීඩක පුහුණු සහයකයින් වැනි ක්‍රීඩාවට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල නියුතුවූවන් පුහුණුවෙන් අනතුරුව විදේශ රටවල ක්‍රීඩා කිරීමට සහ සේවයට යොමුකරමින් විදේශ රැකියා උත්පාදනයට යොමුකර ක්‍රීඩා ආර්ථීකය ශක්තිමත් කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

මෙරට දී ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය, ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදනය සිදු කර දැවැන්ත ආදායමක් ලබා ක්‍රීඩා ආර්ථිකය ශක්තිමත් කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව ද හෙතම අවධාරණය කළේය. 

 644 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply