අපි නිදහස් රටක් – ජිනීවා බලපෑම් වලට නොබියව මුහුණ දෙනවා – ජනපති

“ජිනීවා බලපෑමට අපි නොබියව මුහුණ දෙනවා. ඊට යට නොවි ඉන්න පිළිවන්. අපි නිදහස් රටක්. ඉන්දීය සාගරයේ බල අරගලයට අපි ගොදුරක් වන්නේ නැහැ” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

දීර්ඝ කාලයක සිට ජනතාව මුහුණ පා සිටින ගැටලු නිවැරදිව හඳුනාගෙන විසඳුම් දෙමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මූලික පදනම සකස් කර ඇතැයි එතුමා ප්‍රකාශ කරයි. ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනයට රජය බැඳි සිටී. එය රජයේ වගේම නිලධාරීන්ගේ ද වගකීමයි. රටට වඩාත් ඵලදායක අයුරින් ආර්ථිකය ශක්තිමත් කරන අතර, ග්‍රාමීය ජනතාවගේ ගැටලු නිරාකරණයට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

එදා කොළඹ හරිත නගරයක් ලෙස සංවර්ධනය කෙරිණ. 2030 වන විට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පූනර්ජනනීය මූලාශ්‍ර ඇසුරෙන් උත්පාදනයට සැලසුම් කර තිබේ. සූර්ය බල පද්ධති 7000කට අධික සංඛ්‍යාවකින් ප්‍රධාන විදුලිබල පද්ධතියට විදුලිය සපයා ගැනීමට පියවර ගෙන ඇත. සෑම වසරකදීම රසායනික පොහොර භාවිතය 25%කින් අඩු කරනු ලැබේ. මේ සියල්ල පරිසර සංරක්ෂණය සේම ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කොටගත් ව්‍යාපෘතීන්ය.

මේ ප්‍රගතිය ඉවසිය නොහැකි දේශීය, විදේශීය බලවේග සහ ඔවුන්ට සහය දෙන මාෆියා කණ්ඩායම් බොරු නිර්මාණය කොට ජනතාව මුලා කරමින් සිටින බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. කරන දේ නිවැරදිව නොදැක වැරදි මතවලට රැවටුණහොත් පසුගිය වසර පහ තුළ උද්ගත වූ හානිය නැවත ඇතිවිය හැකිය. එසේ වුවහොත් සිදු වන හානිය නිවැරදි කිරීම පහසු නොවනු ඇතැයි ජනාධිපතිතුමා කියා සිටී.

ඊයේ (27) පෙරවරුවේ මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත්, කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසමේ දෑරංගල මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන ආරම්භයේ දී රැස්ව සිටී පිරිස අමතා ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

 624 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply