සිසුන්ට අවි පුහුණුව දුන් මද්‍රසා පාසලක ගුරුවරු දෙදෙනෙක් අත්අඩංගුවට

පාසල් සිසුන්ට අවි ආයුධ පුහුණුව දීමේ චෝදනාවට මද්‍රසා පාසල් ගුරුවරු දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පුත්තලමේදී ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට රඳවා ප්‍රශ්න කරන පුද්ගලයන් කිහිප දෙනකුගේ සහ පුත්තලමේ මද්‍රසා පාසලක දරුවන්ට අවි පුහුණුව දුන් බවට ලැබී ඇති ප්‍රකාශවලට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් දෙදෙනා රඳවා ගැනීමේ නියෝග ලබා ගෙන ප්‍රශ්න කිරීම කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දුන් උපදෙස්වලට අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

 1,490 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply