සිංහරාජය තුළ කිසිදු පරිසර හානියක් සිදුවී නැහැ – යුනෙස්කෝ සංවිධානය කියයි

සිංහරාජ වනාන්තර තුළ යුනිස්කෝ සංවිධානය අවධානය යොමුවිය යුතු මට්ටමේ කිසිදු පාරිසරික හානියක් සිදු වී නැතැයි සහතික වන බව යුනිස්කෝ ශ්‍රී ලංකා ජාතික කාර්යාංශය සඳහන් කරයි.

එහි මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත මහතා සඳහන් කළේ දැනට ඇතැම් මාධ්‍යවල පැවසෙන අන්දමේ කිසිදු හානියක් සිංහරාජ වනාන්තරයේ කිසිදු ලෙසකින් සිදු නොවන බවයි.

සිංහරාජ වනාන්තරය ආසන්නම මාදු ගැටය ප්‍රදේශයේ වැවක් තැනීමට කළ යෝජනාව ගැන අදහස් විමසා යුනිස්කෝ සංවිධානයේ ප්‍රධාන කාර්‍යාලයට ලිපියක් යැවූ බවද ඔහු සඳහන් කළේ ය.

එහි වැවක් තැනීමෙන් අක්කර පහක් යට කෙරෙන බවත් එවන් කරුණකට යුනෙස්කෝවෙන් කිසිසේත්ම අවසර නොලැබෙන දන්නා නමුත් එම යෝජනාවලිය යැවූ බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය

 892 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply