ජිනීවා පරාජයේදී සතුටු වුණු අය ශ‍්‍රී ලාංකිකයෝද කියා සැකයි

ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්මත වීම ගැන සතුටු වෙන පිරිස ශී‍්‍ර ලාංකිකයින්ද යන්න සැකයක් ඇති වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය ‘‘දිවයින’’ට ඊයේ (26) පැවසුවාය.
 
 රටට හානියක් සිදුවන අවස්ථාවක සතුටුවන පිරිස් සමාජයෙන් ප‍්‍රතික්‍ෂේප කළ යුතු යැයිද ඇය සඳහන් කර සිටියාය. මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරිය මෙසේද කියා සිටියාය.
 
 ජිනීවා මානව හිමිකම් කොමිසම අපේ රටට එරෙහිව ඉදිරිපත් කරපු යෝජනාව පරාජයට පත්වෙන කොට අපේ රටේ සතුටු වුණු පිරිසක් හිටියා. මේක වත්මන් ආණ්ඩුවට වෙච්ච දෙයක් නොවෙයි.
 
 මේක රටටම වෙච්ච දෙයක්. රටට ආදරයක් නැති ගෞරවයක් නැති අය මේ සම්බන්ධයෙන් සතුටු වෙනවා.
 
 යම්කිසි රටක් අපට එරෙහිව කටයුතු කරන කොට එයට එරෙහිව රටේම ජනතාව නැගී ඉන්න ඕනෑ. ඒකයි සැබෑ ශ‍්‍රී ලාංකිකයෙක් කියන්නේ. ජිනීවා වැනි කොමිසමක් අපිට පාච්චල් කරන කොට සතුටු වෙනවා නම් ඒ අය මේ රටේ ශ‍්‍රී ලාංකිකයින්ද කියලා සැකයක් මතු වෙනවා. මේ රටට යම් හානියක් අවැඩක් පිට රටවල් කරනවා නම් හැම දෙනාම ඒකාවන්ව නැගීසිටිය යුතුයි.

 727 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply