ලොව විශාලතම බහාලූම් නැවක් සූවස් ඇළේ සිර වෙයි

ලොව විශාලතම බහාලූම් නෞකාවක් සූවස් ඇළේ සිරවීම නිසා යුරෝපයට භාණ්ඩ ප‍්‍රවාහනය මුළුමනින්ම ඇනහිට ඇත.
 
 පාපන්දු පිටි හතරකට සමාන එවර් ගිවන් නමැති මෙම නැව නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය බලා යාත‍්‍රා කර අවස්ථාවේ මෙය සිදුවී තිබේ.
 
 මීටර් 400 ක් දිගැති මෙම බහාලූම් නැව අධික සුළං නිසා සූවස් ඇළේ නැව් මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් තිබේ. මේ අතර සූවස් ඇළේ නැව් ගමනාගමනය යළි ආරම්භ කිරීම සඳහා රිජිප්තුව පැරණි සූවස් ඇළ යළි විවෘත කර ඇත. සූවස් ඇළේ නැව් ගමනාගමනයට බාධා පැමිණීම නිසා අප‍්‍රිකාව වටා යුරෝපයට භාණ්ඩ යැවීමට ඩොලර් 480000 ක් වැය වේ. මේ වනවිට යුරෝපය වෙත යාත‍්‍රා කිරීමට පැමිණි නැව් 150 ක් සූවස් ඇළ ආරම්භක ස්ථානයේ නතර කර තිබේ. වාණිජ නැව් ආරංචි මාර්ග පැවසුවේ එවර් ගිවන් නැවේ ඩොලර් බිලියන 29 ක් වටිනා භාණ්ඩ ඇති බවයි.

 423 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply