ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය එවන අලුත්ම ක්‍රමය

මෙරටට තැපැල් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමක් අනාවරණයකර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හැකිවී තිබේ.    2020 වසරේ දෙසැම්බර් 27 වන දින ඩුබායි සිට ගුවන් මගින් යම් පාර්සලයක් මෙරටට එවා තිබූ අතර , එම පාර්සලයේ සඳහන් වූ නම ව්‍යාජ එකක් බවට එහිදී අනාවරණය වී තිබුණි. ඒ අනුව අදාළ පාර්සලය ලබා ගැනීමට කිසිදු පුද්ගලයෙකු පැමිණ නොමැති අතර එය සැකසහිත පාර්සලයක් බවට හඳුනාගෙන තිබේ. එම පාර්සලය තුළ ගංජා මිශ්‍ර කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 27 ක්, කුෂ් ඔයිල් ග්‍රෑම් 38 ක් තිබී සොයාගැණුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඊට අමතරව පසුගිය ජනවාරි 4 වනදා ප්‍රංශයේ සිට ඩුබායි හරහා තවත් පුද්ගලයෙකුට පාර්සලයක් ලැබී තිබූ අතර ඒ තුළ මත් පෙති 4962ක් තිබී සොයාගෙන ඇත.

 1,024 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply