මස්කෙළිය-ගාඩ්මෝර් වතුයායේ බඹර ප්‍රහාරයකින් පාසල් සිසුන් 12කට තුවාල

මස්කෙළිය, ගාඩ්මෝර් තේ වතුයායේ බඹර ප්‍රහාරයකින් පාසල් සිසුන් 12ක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. මස්කෙළිය, ගාඩ්මෝර් තේ වතුයායේ, ෆෝග්මෝර් කොටසේ පාසල් ළමයින් පිරිසකට (25) ප.ව.03.45ට පමණ එල්ල වූ බඹර ප්‍රහාරය හේතුවෙන් සිසුන් 12ක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූවන්ගෙන් මස්කෙළිය රෝහලට ඇතුළත් කළ එක් සිසුවියක් හා සිසුන් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයේ සිටි හෙයින් ඔවුන් දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවූ බව මස්කෙළිය රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

පාසල නිම වී නිවෙස් කරා යමින් සිටියදී ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමේ බඹර ප්‍රහාරය සිදු වී ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.

 319 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply