සමාගම් හතරක රට පොල් තෙල් පරීක්ෂාවට

දිගු කලක් තිස්සේ මෙරටට තෙල් ආනයනය කරන ආයතන 4ක පොල් තෙල් සාම්පල පරීක්ෂාවට ලක්වෙමින් පවතින බවත් දින කිහිපයක් ඇතුළත එහි ප්‍රතිඵල නිකුත් වනු ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස් රිෆයිනරීස්, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් සහ කටාන රිෆයිනරීස් යන සමාගම්වල සාම්පල එලෙස පරීක්ෂා කරමින් පවතින බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එහි දක්වා ඇත.

පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය (ආහාර පරීක්ෂණ ඒකකය) සමඟ එක්ව තත්ත්වය සුදුසු නම් පමණක් ආනයන තෙල් තොග නිදහස් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට දෙන බවද ප්‍රමිති ආයතනය සඳහන් කරයි.

ආනයනකරුවන් 4 දෙනකු විසින් මෙරටට ආනයනය කරන සෞඛ්‍යයට අහිත කර පොල්තෙල් විකිණීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවසර දී ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉදිරිපත් කරන චෝදනා අසත්‍ය බවද එම නිවේදනය මඟින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැඩි දුරටත් පෙන්වා දෙයි.

 678 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply