පාස්කු ඉරිදා ප්‍රහාර ගැන කලින් දැන ගෙන වසන් කළේ නෑ

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ කල්තියා තමන් තොරතුරු දැන ගෙන හිටියේ නම් එවැනි බිහිසුණු ප්‍රහාරයක් වීමට කිසිසේත් ඉඩ නොතබන බවත් එවැනි ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු දැන ගෙන එය මඟ හැරීමට තරම් තමන් අමානුෂික මිනිසකු නොවන බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.

අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලය තුළ 2015 වසරේ සිට තම අවධානය යොමු කළ බවත් මේ ප්‍රහාරය වීමෙන් පසු එදා පැවති තම ආණ්ඩුවෙන්ම තමාට පහර දෙන්නට පටන් ගත් බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ පසුගිය රජය සාමූහික වශයෙන් වගකීම බාර ගත යුතු අතර සිද්ධිය වූ අවස්ථාවේදී පැවති දුර්වලතා හා අඩුපාඩු පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍ය කරුණක් බවද සඳහන් කළේය.

එමෙන්ම සහරාන් වරෙන්තුකරුවෙක් නම් ඔහු ඇල්ලීම පොලිසියට අයිති කාර්ය භාරයක් මිස ජනාධිපතිවරයාට අයිති වැඩක්. සහරාන් අත්අඩංගුවට නොගත්තේ ඇයි දැයි කොමිසම සොයා බැලිය යුතු බවද පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට ඊයේ (26) එක් වෙමිනි

 377 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply