ඉන්දියාව එන්නත ආපනයනය කිරීමට තාවකාලිකව නතර කළත් ශ්‍රී ලංකාවට නොකඩවා දෙනවා

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ආපනයනය තාවකාලිකව නතර  කිරීමට ඉන්දියාව තීරණය කර ඇතත් ශ්‍රී ලංකාවට එන්නත නොකඩවා ලබාදෙන බව එරට දැනුම් දී ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි.

ශ්‍රී ලංකාව ඉන්දියාවට එම එන්නත් ඇණවුම ලබාදීම ඔවුන් විශේෂ සැලකිල්ලට ලක්කර ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ඇණවුම් කළ එන්නත් ප්‍රමාණයෙන් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ පහක ප්‍රමාණයක් මේ අනුව ඉදිරි දිනවල ලැබීමට නියමිතව තිබෙන බව ද පවසයි.

එය නොලැබුණත් මැයි මාසය වන තෙක් එන්නත්වල හිඟයක් නැතැයි ද ඔහු  කියයි

 488 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply