පොල් ගස් කැපීම සීමා කිරීමට ඉක්මනින් පියවර ගන්නවා – රමේෂ් පතිරණ

මාස කිහිපයක් ඇතුළත ගස් හෙලීමේ පනතට පොල් ගස ඇතුළත්කොට පොල් ගස් කැපීම සීමාකිරීමට ඉක්මනින් පියවර ගන්නා බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ය.

ඉඩම් කට්ටිකර විකිණීමේදී විශාල වශයෙන් පොල් ගස් කැපීම සිදුවන බවත් පොල්ගස් ආරක්ෂාකිරීමට මෙම කාලසීමාව තුළ පියවර ගැනීම සිදුකළයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා සහ හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

විශේෂයෙන් ඉඩම් කැබලිකර විකිණීමේදී ව්‍යාපාරිකයින් ඉඩම් කැබලි කිරීමට පෙර පොල්ගස් ගලවා ඉවත් කරන බවත් මේ නිසා පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂා කොට මෙම ඉඩම් පොල් ගස් රහිත ඉඩම් ලෙස නම් කරන බවත් මේ නිසා මෙහිදී වංචාවක් සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව දැනටමත් අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බවත් මේ නිසා ඉදිරි මාස කිහිපය තුළ ගස් හෙලීමේ පනතට පොල්ගසද ඇතුළත් කොට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 362 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply