දෙවැනි මාත‍්‍රා එන්නත්කරණය අපේ‍්‍රල් 10 වැනිදායින් පසු

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රාසෙනෙකා’ එන්නත ලබාගත් අයගේ දෙවැනි මාත‍්‍රා එන්නත්කරණය අපේ‍්‍රල් 10 වැනිදායින් පසු ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
 
 ලංකාවට ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් මාත‍්‍රා දොළොස් ලක්ෂ හැටහතරදාහක් ලැබී ඇති බවත් මේ දක්වා එන්නත් කර ඇත්තේ ඉන් අටලක්ෂ පනස්හයදහසක් පමණක් බවත් පැවසූ රාජ්‍ය ඇමැතිවරයා ඒ අනුව තව එන්නත් මාත‍්‍රා ලක්ෂ 4ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇතැයි කීවේය. අපේ‍්‍රල් 10 වැනිදායින් පසු 2 වැනි මාත‍්‍රාව ලබා දීම මින් ආරම්භ කරන බවත් එය මැයි මස අන්තිම දක්වා ලබා දීමේ හාකියාවක් ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. එනිසා මැයි මස අන්තිම වන තෙක් දෙවැනි එන්නත ලබාදීමට කිසිදු ප‍්‍රශ්නයක් ඇති වෙන්නේ නැතැයි ද කීවේය.

 604 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply