යුද්ධයෙන් අසාධාරණ වුණානම් පැමිණිලි කරන්න කොමිසමක්‌

මෙරටේ පැවැති යුද සමයේදී යම් කිසිවකුට අසාධාරණයක් හෝ වරදක් සිදුව ඇත්නම් එම සියලූ දෙනාට ඒ පිළිබඳ පැමිණ පැමිණිලි කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ කොමිසමක් පත් කර ඇතැයි විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.
 
 ලැබෙන පැමිණිලි විභාග කිරීමට හැකිවන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුගෙන් සමන්විත කොමිසමක් පත් කිරීමට ජනාධිපති ගත් තීරණය ජිනීවාහි මීට පෙර පැවැති සැසියේදී තමන් දැනුම් දුන් බව ද ඇමැතිවරයා කී අතර මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඉහත කොමිසම ක‍්‍රියාත්මක වන බව ද කීවේය.
 
 කොටි සංවිධානය සමග ගැටුමේදී හමුදාව විසින් චේතනාවක් ඇතිව යම් කිසි කෙනෙක් මරණයට පත් කර තිබෙනවා නම් එ් පිළිබඳ තොරතුරු ද මෙම කොමිසමට ඉදිරිපත් කළ හැකි බව කී ඇමැතිවරයා යම් කෙනෙක් අතුරුදන්ව සිටී නම් සහ ඒ අය බි‍්‍රතාන්‍යයේ පදිංචිව නොමැති නම් ඒ ගැන තොරතුරු සෙවීමට ද මෙම කොමිෂන්එ සභාවට හැකි බව කීවේය.
 
 යුද්ධයෙන් පසුව ශ‍්‍රී ලංකාවෙන් පිටව ගොස් පදිංචිව සිටින අය පිළිබඳව බි‍්‍රතාන්‍යය අද දක්වා තොරතුරු ලබා දීලා නැතැයි ද කී ඇමැතිවරයා පසුගිය ආණ්ඩුවට හෝ වර්තමාන ආණ්ඩුවට එම තොරතුරු ලබා දී නැතැයි වැඩිදුරටත් පැවසීය

 565 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply