වෙන්නප්පුව විශේෂ ඒකකය යළි පිහිටුවයි- ASP ගැනත් විමර්ශනයක් – ඇමති සරත් වීරසේකර

වෙන්නප්පුවේ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මාරු කිරීමට තුඩුදුන් චෝදනා ගැන විමර්ශනය කරන බව ද මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (25) පැවසීය.
 
 ඔහු මාරුකර ඇත්තේ පොලිස් මූලස්ථානයට බව ද හෙතෙම සඳහන් කළේය.
 
 මේ අතර මාරුවීම් ලත් සහකාර පොලිස් නිලධාරියා දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ රැුස්වීම් හතරකට පැමිණ නැතැයි ද වාර්තා වී ඇත.
 
 ඔහුට එරෙහිව රාජ්‍ය අමාත්‍යවරයකු ඇතුළු 6 දෙනකු චෝදනා එල්ල කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පළ කළේය.
 
 මේ අතර වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා යටතේ පිහිටුවා තිබූ විශේෂ පොලිස් ඒකකය ඊයේ (25 වැනිදා* සිට නැවත පිහිටවූ බව ඇමැති සරත් වීරසේකර මහතා කීවේය.
 එම ඒකකය කටයුතු කළ නිලධාරීන් සිය කැමැත්ත මත එම ඒකකයෙන් ඉවත් වීමට කර තිබූ ඉල්ලීම්වලට අනුව ඔවුන්ට ස්ථාන මාරු ලබා දී ඇති බවත් එහෙත් මෙම මාරු කිරීම් පිටුපස දේශපාලන මැදිහත්වීමක් ඇතැයි යනුවෙන් පළවන ප‍්‍රචාර හේතුවෙන් එම මාරුවීම් අවලංගු කර එම ඒකකය නැවත පිහිටවූ බවත් ඇමැති සරත් වීරසේක්ර මහතා කීවේය.
 

 1,474 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply