ගස් කපනවා කියන එක පට්ට පල් බොරු – සිංහරාජ සිද්ධිය සොයාබැලීමට ගිය මන්ත්‍රීවරු පවසති!!!

සිංහරාජ රක්ෂිතයේ හෝටලයක් ඉදිකරන බවට කළ අනාවරණය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ආණ්ඩු පක්ෂයේ නවක මන්ත්‍රීවරුන් 11 දෙනෙකු එම ප්‍රදේශයේ සංචාරයක නිරතවිය.

රජයේ නිලධාරීන් ද සම්බන්ධ කරගත් මෙම සංචාරයේ දී අදාළ මාධ්‍ය  වාර්තා අසත්‍ය මත පදනම් වු බවට තහවුරු කරගත් බව එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරයි.

මේ පිළිබඳ අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ ප්‍රමිත බණ්ඩාර මන්ත්‍රීවරුන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය සොයාබැලීමට ඕනෑම අයෙකුට අවස්ථාව පවතින බවය. 

“මේක රජයේ මැදිහත්වීම තුළ කැළෑ එළිපෙහෙළි කරනවා කියලා රජය සම්බන්ධ කරන්න යනවා. මෙතන අවුරුදු 20ක් 30ක් පරණ තේ ගස් තියෙන්නේ. ආවොත් බලන්න පුළුවන් මේක කැළයක් ද කියලා. මේ ඉඩමට එහා පැත්තේ තව පෞද්ගලික ඉඩම් තියෙනවා. අලිමංකඩක් කිව්වා. රක්ෂිතයක් එළිකරනවා කිව්වා. සිංහරාජය වනසනවා කිව්වා. ඕන කෙනෙකුට ඇවිත් බලාගන්න පුළුවන් මේක සිංහරාජෙ ද? නැද්ද? කියලා. මේතනට ආවට පස්සේ දැනගන්න පුළුවන්. කිලෝමීටර් 10ක් එහා තමයි සිංහරාජය තියෙන්නේ. හැබැයි කතාව යන්නේ සිංහරාජෙ වන විනාශය කියලා. බොරුව විශාල වශයෙන් මේ වෙලාවේ මාකට් කරනවා.”

 812 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply