පාසල් වෑන් රථයක දොර විවෘත වී දරුවෙක් මාර්ගයට වැටී මියයයි

වැල්ලවාය – ඇල්ල මාර්ගයේ හුණුකැටිය හංදිය අසලදී ඊයේ (25)දහවල් පාසල් දරුවන් ප‍්‍රවාහනය කරන වෑන් රථයක දොර හදිසියේ විවෘත වීමෙන් එහි සිටි පෙර පාසල් දරුවකු මාර්ගයට වැටී මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.
 
 මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවාය ශාන්ත මේරි දේවස්ථානයේ පවත්වාගෙන යන සුර¥තික පෙර පාසලේ ඉගෙනුම ලබන වැල්ලවාය කරඳගොල්ල පරගහඅරාව පදිංචි වනිගසූරිය මුදියාන්සේලාගේ අනුහස් (05) නැමැති දරුවාය.
 
 දරුවා පෙර පාසල ඇරී නිවසට යෑමට පාසල් වෑන් රථයට ගොඩවී ඇත.
 
 වෑන් රථය ඇල්ල – කරඳගොල්ල හුණුකැටිය හන්දිය පසුකර යෑමේදී වෑන් රථයේ දොර එකවරම විවෘතවී දරුවා බිමට වැටී ඇත.
 
 සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දරුවා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. දරුවාගේ මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය වැල්ලවාය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
 
 වෑන් රථය සමඟ එහි රියැදුරු වැල්ලවාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී. එම්. රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ රථවාහන අංශයේ ප‍්‍ර.පො.ප. බුද්ධික විදානගමගේ මහතා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

 583 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply