මාධ්‍යවේදී සුජීව ගමගේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කළ දැනුම්දීම!!!

තමන්ව පැහැරගෙන ගොස් හිරිහැර කළේ යැයි කියමින් මාධ්‍යවේදියකු වන සුජීව ගමගේ විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (25) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ තමන්ව පැහැරගෙන ගිය බවට එම මාධ්‍යවේදියා සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවය.

එම විමර්ශනයේ දී අදාළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ සහකාර පොලිස් අධිකාරීවරයා ඔහුට මෙවැනි ක්‍රියාවක් සිදුකිරීමට අනුබල දුන් පුද්ගලයින් සිටීනම් ඔවුන්ව හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව ද කියා සිටියේය.

මෙම  සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න හා ඔහුගේ පුත් චතුර සේනාරත්න ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

පැමිණිල්ල ජුලි මස 29 ද කැඳවීමට නියම කළ අධිකරණය, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කරන ලදි.

 633 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply