ඉන්දියාව හැමදාමත් ලංකාවට වින කරන රටක්!!!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට සහාය නොදෙමින් ඉන්දියාව පෙන්වූ හැසිරීම පිළිබඳ තමන් කණගාටු වන බවත් ඉන්දියාව යනු හැමදාමත් ශ්‍රී ලංකාවට වින කරන රටක් බවත් කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්ම්ල් මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

“අපට හරිම කණගාටුයි හැමදාම අසල්වැසියා කියන, ලොකු අයියා කියන ඉන්දියාවේ හැසිරීම පිළිබඳව. ඉන්දියාව හැමදාමත් ලංකාවට විනකරන රටක්. ඉන්දියාව හැමදාම ලංකාවට බාල්දි පෙරළන්න හදන රටක්. ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන රටක්. ඒ හැම අවස්ථාවකම ඉන්දියාව 13 වැනි සංශෝධනය කියන මුව හමට තඩිබාමින් තමයි අපෙ රටට විරුද්ධව කටයුතු කළේ.

අපි දන්නවා නේපාලයත් විරුද්ධ වුණා මේකෙදි. නේපාලය කියන්නෙ ආර්ථික වශයෙන් සම්පූර්නයෙන්ම ඉන්දියාව ගිලගත් රාජ්‍යයක්. එනිසා ඉන්දියාවෙ බලහත්කාරය මත තමයි නේපාලයට එහෙම ක්‍රියාත්මක වෙන්න වෙන්නෙ” යැයි ඒ මහතා පවසයි.

කෙසේවෙතත් මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙරේදා දින ප්‍රකාශ කළේ ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ මිත්‍ර රටක් බවත් ඔවුන් මිත්‍ර නොවන රටක් වශයෙන් තමන් කිසිවිටෙක නොසලකන බවත් ය.

 710 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply