පරිසර විනාශය ගැන බොරු කිව්වොත් අත්අඩංගුවට – පරිසර ඇමති කියයි

ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල ඇමර්සන් වනාන්තරයේ හා ඉන්දුනීසියාවේ වනාන්තර කපන ලද ගස් කඳන් වල පින්තූර පළ කරමින් සිංහරාජ වනාන්තරයේ වූ බවට හුවා දක්වමින් බොරු ප්‍රචාර ගෙන යන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

එවන් බොරු ප්‍රචාර නිසා ඇත්ත සිද්ධියක් වුවද ඒවා සොයා ගැනීමට අපහසු බවද ඇමැතිවරයා පැවසීය.

එනිසා එවන් අසත්‍ය පුවත් පළකිරීමෙන් වලකින්නැයිද ඔහු ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ දී සිංහරාජ වනාන්තරය පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමරවීර මහතා සඳහන් කළේ වන විනාශයක් ගැන අසත්‍ය සහ ද්වේශ සහගත තොරතුරු පළ කරන අය ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

යම් පරිසර හානියක් සිදුවී ඇතැයි පිළිගන්නා බවත් එම විනාශය කරන පිරිස විරුද්ධව නීතිමය කටයුතු සිදු කරන බවද ඔහු කියා සිටියේය.

 640 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply