පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතය ඇරඹෙයි

දිවයින පුරා ක්‍රියාත්මක පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනේ ජාතික උත්සවය ගම්පහ දොම්පේ පහුරුඇළ ගල්වලගොඩ වෙල්යායේදී අද(25)පැවැත්වුණි.  පුරන් කුඹුරු අක්කර ලක්ෂයක් මෙරට තුළ පවති ඉන් කුඹුරු අක්කර 28,000 ක් දිවයිනේ ගොවිජන සේවා බල ප්‍රදේශ 320 කදී, අස්වැද්දීම මේ අනුව ආරම්භ විය.  

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ , පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද  ඊට එක්ව සිටියහ.  ආහාර සුරක්ෂිතතාවයෙන් පිරි ස්වයංපෝෂිත රටක්, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ තවත් එක් පියවරක් ලෙස, පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතය, ප්‍රායෝගිකව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කෙරේ. පුරන් කුඹුරු අක්කරයක් අස්වැද්දීම වෙනුවෙන් රු.25000ක පොළී රහිත ණයක් සහ නව තාක්ෂණය, වල් වැදුණු ඉඩම හෙළිපෙහෙළි කරගෙන සකස් කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සියල්ල ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ලබා දෙයි.  

පොහොර නොමිලේ ලබා දෙන අතර, ඇළ වේළි, අමුණු හා ජල මාර්ග සකස් කරදීම ද මේ යටතේ ක්‍රියාත්මකය. මෙරට පවතින පුරන් කුඹුරු ලක්ෂයක ප්‍රමාණය අදියර කිහිපයක් යටතේ සම්පූර්ණයෙන් අස්වැද්දීමට පියවර ගෙන තිබේ. අක්කර 28000ක් වගා කිරීමෙන් අලුතින් මෙරට වී අස්වැන්නට මෙට්‍රික් ටොන් 35000ක වී එකතු කිරීමට අපෙක්ෂා කෙරේ. 

 744 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply