ඉන්දියාව ඇස්ට්‍රොසෙනෙකා එන්නත අපනයනය නවතයි

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත් තාවකාලිකව අපනයනය නතර කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.

දේශීය ඉල්ලුම ඉහළයෑමත් සමග අදාළ එන්නත ඉන්දිය ජාතිකයින්ට ලබාදීමට අවශ්‍ය බැවින් මෙම තීරණයගෙන ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ.

ඉන්දීයාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග ඉදිරි සතිවල දේශීය එන්නත් ඉල්ලුම ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අප්‍රේල් මාසය අවසානය දක්වා ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත අපනයනය කිරීම නතරවනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඉන්දියාව මේ වනවිට රටවල් 76කට එන්නත් මාත්‍රා මිලියන 60කට වඩා අපනයනය කර තිබේ

 760 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply