කටේ බැක්ටීරියා ඉවත් කර දුර්ගන්ධය ඉවත් කරන ක්‍රම 7ක්.

මුඛයේ ඇති වන දුඟද, සමාජයේ වැඩි පිරිසක් අතර දකින්න ලැබෙන තත්ත්වයක් වගේම ඒ අය අනෙක් අයගෙන් මේ පිළිබඳව වසන් කරන්න උත්සාහ කරනවා. එයට හේතුව වෙන්නේ අනෙක් අය තමන්ගේ මේ තත්ත්වය දැන ගත්තොත් ඒක ලොකු ලැජ්ජාවක් කියලා මිනිස්සු සිතීම. මේ හේතුවෙන් පෙම්වතුන්, විවාහක යුවල අතර කෙලින්ම නොකීවත් ප්‍රශ්න ඇති වෙන්නත් බොහෝ දුරට බලපානවා.

අපි අද ඔයාලට කියන්නේ මුඛයේ දුර්ගන්ධය ඇති කරන මේ කරදරකාරී බැක්ටීරියා විනාශ කර දුගඳ නැති කර ගන්න ගෙදර ඉදන්ම කළ හැකි දේවල් 07ක් පිළිබඳව.

01. ස්වාභාවික මවුත්වොෂ් (mouthwash) සහ බ්‍රෙත් ෆ්රෙශ්නර්ස් (breath fresheners) පාවිච්චි කරන්න  

මුඛයේ තියෙන දුර්ගන්ධය නැති කරන්න මින්ට් කොළ වගේම කරාබුනැටි, එනසාල් සහ සූදුරු වගේ කුළු බඩු වලටත් හැකියාව තියෙනවා. 

‌ඔයාගේ ගෙදර තියෙනවා නම් බේකින් සෝඩා කියන්නෙත් මේ ප්‍රශ්නයට හොඳ උත්තරයක්. බේකින් සෝඩා මේස හැන්දක් වතුර කෝප්පයක දිය කරලා කට සෝදන්න. එහෙම නැත්නම් බේකින් සෝඩා දිය කළ වතුර කෝප්පයට ඔයාගේ දත් බුරුසුව දමා ඒකෙන් දත් මදින්න.

උදේ තේ එක වෙනුවට මහදුරු කොළ වලින් තේ එකක් සාදා ගන්න. ඒක ගොඩක් හොඳ බැක්ටීරියා නාශකයක් සහ සගන්ධකාරකයක් වන අතර සාර්ථක ප්‍රථිපල ලබා ගන්න පුළුවන්. 

02. දවසකට ජලය ලීටර් දෙකක්වත් අඩු තරමින් බොන්න.

සිරුරේ ජල මට්ටම නිසියාකාරව පවත්වාගෙන යාම මඟින් අපට ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය අති මහත්, කටේ ඇති වන  දුඟද නැති වීමත් එයින් ලැබෙන අතුරු ඵලයක්. ඛේටය මගින් තමයි මුඛය තුල තියෙන බැක්ටීරියාවල ක්‍රියාකාරිත්වය පාලනය කරන්නේ. මේ ඛේට ග්‍රන්ථි හරියාකාරව ක්‍රියාත්මක වෙන්න නම් වතුර අවශ්‍ය වෙනවා. මෙවැනි කරදරකාරී බැක්ටීරියා විනාශ කරන්නත්, ප්‍රාශ්වාස කරන විට ඇති වන දුර්ගන්ධය නැති වෙන්නත් ජලය අත්‍යවශ්‍යය වෙනවා.ඒ වගේම, රාත්‍රියේදී නිදා ගැනීමට පෙර පැණි රස බීම වර්ග පානය කරන්න එපා, මොකද කියනවානම් ඒවා බැක්ටීරියාවල වර්ධනය වැඩි කරන නිසා.

03. පරිභෝජනය කරන ආහාර පිළිබඳව සැළකිළිමත් වන්න

අපි හැමෝම දන්නවා සමහර ආහාර වර්ග ගත්තායින් පසු කටේ දුගඳ ඇති කරවනවා. ඔයා මේ තත්ත්වයෙන් පීඩාවට පත්වෙන කෙනෙක් නම් ඒ වගේ ආහාර වලින් ඈත් වෙලා ඉන්න. මේ වගේ ආහාර වර්ග අතර ලූණු සහ සුදු ලූණු කියන්නේ ප්‍රධානම දෙකක්. එහෙම කියලා ලූණු ආහාරයට ගන්න එක සම්පූර්ණයෙන් නවත්වන්න එපා,ඇයි කියනවානම් ලූණු වලින් දත් දිරායාම වගේ තත්වයන් ඇති කරන විවිධ බැක්ටීරියා වර්ග හතරක් විනාශ කරලා දානවා කියලා පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම ෆෘක්ටෝස් සහ අම්ල අන්තර්ගත වන ආහාර වර්ග වලිනුත් මේක ඇති වෙනවා.

බඩගිනි වුණ වෙලාවට ඔයාට පුළුවන් ඇපල් සහ යෝගට් ආහාරයට ගන්න. ඇපල් වල අන්තර්ගත වෙන හෙටරොපොලිසැකරයිඩ් මඟින් පෙක්ටන් ඛේට ග්‍රන්ථි උත්තේජනය කරනවා. ඒ වගේම යෝගට් වල තියෙන ක්‍රියාකාරි බැක්ටීරියා, මුඛයේ දුර්ගන්ධය ඇති කරන බැක්ටීරියා වැනි අහිතකර බැක්ටීරියා වර්ග සමඟ සටන් කරනවා.

04. දිව පිරිසිදු කරන්න

ඔයා දිව පිරිසිදු කිරීම ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වුවොත් එය දුර්ගන්ධය ඇති කරන බැක්ටීරියා වාසය කරන ගොවිපලක් බවට පත් වෙන්න ඉඩකඩ තියෙනවා. දත් මැද ගත් පසු දත් බුරුසුවෙන් එහෙම නැත්නම් ඒ සඳහාම වෙන් වූ වෙනත් උපකරණයකින් දිව මැද පිරිසිදු කරන්න. නවීන දත් බුරුසු වල දත් මදින කොටසට විරුද්ධ පැත්තේ මේ සඳහා භාවිතා කළ හැකි කොටසක් සකස් කරලා තියෙනවා.

05. දත් මුල්වලට ආරක්ෂාව සපයන්න 

දත් මුල් හෙවත් දත් වල කෙළවර තියෙන පොඩි ඉඩ අතර ආහාරවල කුඩා කොටස් හා බැක්ටීරියා එකතු වීම නිසා මුඛයේ දුගඳ ඇති වෙන්න පුළුවන්. දත් මුල් රැක ගන්න නම් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් පාවිච්චි කරන්න වෙනවා. දත් මුල් වල ගැටළු ඇති බහුතරයකට හේතුව දුම්පානය නිසා ඔයා දුම්පානය කරනවා නම් ඒක නවත්වන්න. එපමණක් නොවෙයි දුම්පානය නිසා, හානි වෙලා තියෙන දත් මුල් පෙර පරිදි යථා තත්වයට පත් කරන්නත් අපහසු වෙනවා.

06. දිනකට දෙපාරක් දත් මදින්න

දිනකට දෙපාරක් මිනිත්තු දෙක බැගින් දත් මදින්න. අඩුම තරමින් එක් වරක්වත් උගුර සෝදන්න. සමීක්ෂණ වාර්තා වලට අනුව කාන්තාවන්ගෙන් 55%ක් පමණ සහ පිරිමින්ගෙන් 49%ක් පමණ විතරයි දිනකට දෙපාරක් දත් මදින්නේ

07. පැඟිරි පළතුරු පොත්තක් සපන්න

දෙහි නැත්නම් දොඩම් වර්ගයක පොත්තක් හැපුවම එහි තියෙන පැඟිරි සුවඳ නිසා කටේ දුගඳ ඉවත් වෙනවා වගේම එහි අඩංගු සිට්‍රික් ඇසිඩ් නිසා ඛේට ග්‍රන්ථ ක්‍රියාකාරිත්වයත් උත්තේජනය කරනවා. මේ නිසා නිකන්ම දත් දිරන එක සහ මැලියම් ඇති වීම නවතිනවා.

 286 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply