පාතාල කෙරුමන් රැසකගේ කෝටි ගණනක දේපළ රජයට!!!

ඩුබායිහි සැඟව සිටින පාතාල මත්කුඩු ජාවාරම් කරුවකු වන හරක්කටාගේ බව කියන පන්නිපිටියේ රුපියල් ලක්ෂ 115ක් පමණ වටිනා නිවසක් තහනම් කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය පියවර ගෙන තිබේ .

මෙම නිවසේ ලියාපදිංචි හිමිකරු ලෙස ලේඛන වල සටහන්ව ඇත්තේ හරක්කටාගේ බිරිඳගේ මවය.ඇය පලා සහ බත් පැකට් විකුණමින් ජීවත්වූ තැනැත්තියකි.

මෙම නිවස මිලදී ගත්තේ තමන් බත් පැකට් විකුණා උපයා ගත් මුදලින් බව ඇය සඳහන් කර ඇත.

එසේ බත් පැකට් විකුණා එවැනි මුදලක් උපයාගෙන තිබෙන්නේ යැයි කියන්නේද වසර දෙකක් තුලදී වීම විශේෂිතයි.

දීර්ඝ විමර්ශනයකින් පසුව පෙනී ගොස් ඇත්තේ මත්කුඩු ජාවාරම් වලින් හරක්කටා උපයා ගත් මුදල් වලින් මෙම නිවස මිලදී ගෙන ඇති බවය.

ලංකාවේ මේ වනවිට මත්ද්‍රව්‍ය මෙහෙයවන අපරාධකරුවෙකු ලෙස හඳුනාගෙන තිබෙන හරක්කටාට අයත් තවත් කෝටි ගණනක දේපල මෙම ඒකකයේ නිලධාරීන් හඳුනාගෙන තිබේ .

එම දේපලත් හඳුනාගෙන රජයට පවරා ගැනීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් බව කියන මෑතකදී පොලිස් වෙඩි පහරකින් මියගිය චමියා නැමති අපරාධකරුට අයත් ලක්ෂ 55ක ඉඩමක්ද මේ වන විට තහනම් කර ඇති බව ද එම නිළධාරියා පැවසීය.

එම දේපළද තහනම් කර රජයට පවරා ගැනීමට කටයුතු කරන බව උසස් පොලිස් නිළධාරියෙක් සඳහන් කළේය.

පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ට අයත් තවත් බිලියන ගණනක දේපල මෙම ඒකකයේ නිලධාරීන් විසින් හඳුනාගෙන තිබේ .

ඒ අතර තේ වතු තට්ටු නිවාස සුඛෝපභෝගී වාහනද ඇති බව හඳුනාගෙන ඇත. ඇතැම් මත්කුඩු ජාවාරම් කරුවන්ගේ මුදල් මෙරට ව්‍යාපාර සඳහා යොදවා ඇති බවත්, මෙරට සුපිරි සාප්පු සංකීර්ණ වල පවා මෙම ජාවාරම් කරුවන්ගේ ව්‍යාපාර ඇති බවත් පොලිසිය කියයි.

 2,965 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply