ජල මණ්ඩල වැටුප් 25‍% කින් ඉහළට – ඇමැති වාසුගෙන් උපදෙස්

ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු කාර්මික තාක්ෂණ හා තාක්ෂණ නොවන කළමනාකරණ සේවා කම්කරු ඇතුළු සියලූ ශ්‍රේණීන්ට අයත් නිලධාරීන්ගේ වැටුප සියයට විසිපහකින් (25%) ඉහළ දැමීමට ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන මණ්ඩලය කළමනාකාරිත්වයට ඊයේ (24) උපදෙස් ලබා දී ඇත.

වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඊයේ (24 ) පැවැති සාකච්ඡාවකින් පසු ඇමැතිවරයා මෙම තීරණයට එළඹ ඇත.

මෙම වැටුප් වැඩිවීම වසර 3කින් පසුව සිදුවන වැඩිවීමක් වන අතර වසර ගණනාවක සිට 25%කින් ම වැටුප් වැඩි වූ විශේෂ අවස්ථාවක් ලෙස මෙය සැලකෙයි.

වර්ෂ 2025 සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ දීප ව්‍යාප්ත දැවැන්ත මෙහෙයුමේ නිරත ජලසම්පාදන මණ්ඩලයේ සේවකයින් දිරිමත් කිරීමට සහ ඔවුන්ගේ කැපවීම මෙන්ම කඩිනම් ක‍්‍රියාන්විතය අගය කරමින් මෙම වැටුප් වැඩි කිරීම සිදු කිරීමට කටයුතු කළ බව ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා ‘දිවයින’ට අදහස් දක්වමින් සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා සමාජවාදී ලංකා කම්කරු සමිතිය, ජල සම්පාදන පොදු ජන සේවක සංගමය හා ජල සම්පාදන හා ජලාපවහන කම්කරු සේවක සංගමයේ නියෝජිතයෝ එක්වූහ

 456 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply