ප්‍රා/ සංවර්ධන ව්‍යාපෘතිවල වගකීම ආණ්ඩුකාර – දිසා ලේකම්වරුන්ට – ජනපතිගෙන් තීරණයක්

ග්‍රාමීය ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ කඩිනමින් අත් කර දීම රජයේ අපේක්ෂාව බැවින් සියලු සංවර්ධන කටයුතු අධීක්ෂණය සහ වගකීම ආණ්ඩුකාවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (24) ප්‍රකාශ කළේය.

ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ඇතැම් ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇතත් ඒවා ක්‍රියාවට නංවා නොමැත. තවත් ව්‍යාපෘති අතරමඟ නවතා තිබෙන අතර, ඒ සඳහා ගත් ණය වෙනුවෙන් රජය විශාල පොලියක් ගෙවමින් සිටී. මේ දෙස බලා සිටින ජනතාව රජයට මෙන්ම නිලධාරීන්ට දෝෂාරෝපණය කරන අතර, ජනතා අවශ්‍යතා හා ජනතාව රජයෙන් අපේක්ෂා කරන්නේ කුමක් දැයි අවබෝධ කර ගනිමින් සංවර්ධන යෝජනා ක්‍රම කඩිනම් කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසීය. ප්‍රතිපාදන වෙන් කර මෙතෙක් ආරම්භ කර නැති සහ ආරම්භ කොට අතරමඟ නවතා දමා ඇති සියලු ව්‍යාපෘති කඩිනමින් පටන් ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

 458 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply