කෙසෙල්වත්ත දිනුකගේ අනන්‍යතාව හෙළි වේ

පසුගිය මාර්තු 18 වන දින ඩුබායි සිට මෙරටට රැගෙන විත් තිබු මෘත ශරීරය අපරාධකරුවෙකු ලෙස චෝදනා එල්ල වන රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුශාන් හෙවත් “කෙසෙල්වත්තේ දිනුක“ගේ බව තහවුරු වු බව පොලීසිය ප්‍රකාශ කරයි.

 ඔහුගේ මවගෙන් ලබාගත් ඩී.එන් .ඒ පරීක්ෂාව සමඟ කෙසෙල්වත්තේ දිනුකගේ අනන්‍යතාවය තහවුරු වී ඇත රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුශාන් වන ඔහු රාජපක්ෂ කසුන් මධුරංග යන ව්‍යාජ නමින් පෙනී සිට ඇත මෙම සිද්ධියට අදාළ දේහය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත මෙම මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මෘත ශරීරය කෙසෙල්වත්ත දිනුකගේ බිරිඳට ලබා දීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය

 964 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply