පුතා පොල්ලකින් පහර දී පියාව මරා දමයි

මොට ආයුධයකින් පහර දී තම පියා ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පුතා ඊයේ (23) අත්අඩංගුවට ගත් බැව් නෙළුව පොලීසිය පවසයි.

මෙකි සැකකරු මෙම සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පළා ගොස් සිටිය දි ලංකාගම ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකි. ඉඩම් ආරවුලක් සම්බන්දයෙන් ඇතිවු බහින්බස් විමක් දුරදිග යාමෙන් පසු සැකකරු විසින් තම පියාට පොල්ලකින් පහරදි ඇති බැව් පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ලංකාගම ප්‍රදේශයේ පදිංචි නිල්වැලි ගමගේ ගුණදාස (77) නැමති හත් දරු පියෙකි.

පහරදිමෙන් තුවාල ලැබු මොහු රෝහල්ගත කරන විට මියගොස් සිටි අතර පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය.

මොට ආයුධයකින් පහරදී ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇති අතර මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ සදහා යොමු කොට ඇත.

නෙළුව පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විජේසිංහ, උ.පො.ප නිමල් ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.

 478 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply