ටයර් පරීක්ෂා කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි!!!

ටයර් ආනයනයට රජය සීමා පැනවීමත් සමග වෙළෙඳපොළේ ටයර්වල මිල වැඩිවීමක් සහ හිඟයක් මේ වනවිට වාර්තා වේ.

ගෙවීගිය ටයර් භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ‍පෙරේදා (22) පොලිසිය විසින් ආරම්භ කළේ එවන් පසුබිමකයි. රථ වාහනවල ටයර් නිසි තත්ත්වයෙන් පවතින්නේදැයි සොයා බැලීම සඳහා පොලිසිය එලෙස මෙහෙයුමක් ආරම්භ කළ බවයි පැවසුනේ.

ඒ අනුව, පෙරේදා මෙන්ම ඊයේ දිනයේත් දිවයිනේ ස්ථාන කිහිපයකම රථවාහන පොලිසිය විසින් පරීක්ෂා කළ අයුරු දක්නට ලැබුණි. නමුත්, රියැදුරන් පැවසුවේ ආදායම් අහිමිව ඔවුන් ගැටලු රැසකට මුහුණදෙමින් සිටින අවස්ථාවක පොලීසිය හරහා ඔවුන්ට දඩ පත්‍ර නිකුත් කිරීම අසාධාරණ බවයි.

කෙසේ වෙතත්, රථ වාහනවල ටයර් පරීක්ෂා කිරිමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කර සිටිනවා. අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මාධ්‍යවේදිනියක නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

 404 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply