ජනතාවට සහන සැලසීමට සීනි බද්ද අඩු කළා – අජිත් නිවාඩ් කබ්රාල්

ඇතිවූ කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ජනතාවට සහන සැලසීම සඳහා සීනි සඳහා වන බද්ද අඩුකිරීමට 2020 ඔක්තෝබර් 13 වැනිදා තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.

සීනි සදහා බදු අඩුකිරිම හේතුවෙන් රුපියල් බිලියන 15.9 ක මුදලක් රජය අයකරගෙන නොමැති බවත් එලෙස අයකර ගෙන නැත්තේ ඕනකමින් වන අතර මේ තුළ කිසිඳු වංචාවක් සිදුවී නොමැති බවත් ඇමැතිවරයා පැවැසීය. බදු අඩුකිරීම වැඩිකිරීම රජයක් විසින් සිදුකරන්නේ සැලසුම් සහගතව වන අතර වත්මන් රජය බදු අඩුකරමින්, බදු සහන ලබාදෙමින් කටයුතු කළද පසුගිය රජය ඕනකමින්ම අසීමිත ලෙස බදු වැඩිකරමින් ජනතාවට දැඩි පීඩනයක් ගෙන දුන් බවද ඇම­ැතිවරයා පැවසීය.

සීනි සඳහා වන බද්ද අඩුකිරීමේ වාසිය ජනතාවට ගොස් නැති බවට මතවාදයක් ගොඩනගන්නට විපක්ෂය උත්සාහ කළද එහි වාසිය ජනතාවට මේ වනවිටත් ලැබී ඇති බවද ඇමැතිවරයා කීය‍.

රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව සඳහන් කළේ සීනි බද්ද අඩුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

 462 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply