සිංහරාජයේ වැව් හදන්නේ නෑ – ඇමති චමල් කියයි

සිංහරාජ රක්ෂිත වනාන්තරයේ වැව් සාදන බවට පළ වන වාර්තා අසත්‍ය බවත් එම වනාන්තරයේ වැව් සැදීමේ කිසිදු සැලැස්මක් නොමැති බවත් වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැසීය.

සිංහරාජ රක්ෂිත වනාන්තරයේ වැව් දෙකක් ඉදිකිරීමට සැළසුම් කර තිබෙන බවට ඇතැම් මාධ්‍ය වැරදි ප්‍රචාර ගෙන යන බවත් නිවැරදිව සිදුවන්නේ කුමක්දැයි සොයා බලා වාර්තා කළ යුතු බවත් ඇමැතිවරයා පැවසීය.

ඇමැති චමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 808 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply