ගෝඨාභය රාජපක්ෂ කැලෑ කැපුවා කියලා ඔප්පු කළොත් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා- ඇමති මහින්දානන්ද

ගෝඨාභය රාජපක්ෂ මහතා හොරකම් කර ඇති බව හෝ කැලෑ කැපුවා කියලා ඔප්පු කළොත් තමා දේශපාලනයෙන් ඉවත් වෙන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද (23) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතරු ලබා දෙමිනි.

මේ ආණ්ඩුව යටතේ වන විනාශය වෙන බව කියමින් ජාත්‍යන්තර අරමුදල් අරගෙන ජනාධිපතිතුමා ඉලක්ක කර ගෙන විපක්ෂය විසින් වැඩපිළිවෙලක් දියත් කර ඇති බව ඒ් මහතා පැවසීය.

ඒ් බව ඔහු වගකීමෙන් පවසන බවත් සිංහරාජය තුළ පෞද්ගලික ඉඩමක ඉදි කිරීම් සිදු වන බවත් ඒ් හරහා කිසිසේත් වන විනාශයක් සිදු නොවන බවත් ඒ් මහතාසඳහන් කළේය.

වන විනාශයක් සිදු වනවාවම් රත්නපුර ප්‍රදේශයේ මිනිස්සු පාරට බැසිය යුතු බවත් ඒය ඒසේ සිදු නොවී විපක්ෂයේ පිරිස් අද පාර්ලිමේන්තුව ඉරිපිට බෝඩ් උස්සාගෙන සිටි බවත් ඒ් මහතා පෙන්වා දීය

 3,804 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0

One thought on “ගෝඨාභය රාජපක්ෂ කැලෑ කැපුවා කියලා ඔප්පු කළොත් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා- ඇමති මහින්දානන්ද

  • 2021-03-27 at 11:58
    Permalink

    ඔප්පු කරන්ඩ බැරි වැරදි රටේ ලෝකෙ කොච්චර සිද්ද වෙනවද? වචන හරඹවලට වඩා වටින්නෙ වැරදි නැවත සිද්ධ නොවන ලෙස බලය යෙදවීම සහ වැරදි කරැවන් සොයා නිසි දඬුවම් දීමයි. එවිට ඉලක්කයට ලක්වූ අය නිවැරදි නම් සාධාරය ඉටුවනු අැත.

Leave a Reply