රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි!!!

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් නාලක කලුවැව මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මාධ්‍ය ලේකම් ඉන්දික පොල්කොටුව මහතා සඳහන් කලේ කලුවැව මහතා විසින් ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යවරයා වෙත භාරදී ඇති බවයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් එය භාරගෙන ඇති බවද මාධ්‍ය ලේකම්වරයා සඳහන් කලා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ ආවරණය සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු පත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලා.

 420 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply