ස්වභාවිකවම ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නැංවිය හැකි ආහාර වර්ග 10ක්.

සෑම වසරකම මිලියන 23 කට වැඩි පිරිසක් දූෂිත ආහාර අනුභව කිරීම නිසා රෝගාතුර වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.බොහෝ විවිධ වෛරස් අප ජීවත් වෙන පරිසරයේත් පවතිවනවා. අපගේ ප්‍රතිශක්තිය අභ්‍යන්තරයෙන් ගොඩ නගා ගැනීම තමා අපගේ ශරීරය අසනීප වීම වළක්වා ගැනීම සඳහා පවතින හොදම විසදුම. මෙය ගොඩා නැගීම එතරම් අපහසු දෙයක් නෙමේ.

අද අපි ඔයාලට අරගෙන ආවේ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ස්වභාවිකව ඉහළ නැංවීම සඳහා ඔබට සහාය වෙන ආහාර වර්ග 10 ක් ගැන බලන්නකෝ ඔයාල මේවා ගැන කලින් දැනන් හිටියද කියල.

01. ආමන්ඩ්

ආමන්ඩ් අවුන්සයක කිරි කෝප්ප 1/4 ට සමාන කැල්සියම් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඔබේ ශරීරය නිරෝගීව තබා ගැනීමට මෙම අපූරු පෝෂ්‍ය පදාර්ථය ඔබට සහාය වේවි.ආමන්ඩ් විශේෂයෙන් වෛරස් වලට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරනවා කියල තමා පර්යේෂකයන් සොයා ගෙන තිබෙන්නේ.ඔබේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට මීට හැකියාවක් තිබෙනවා මීට හේතුව තමා මෙහි  විටමින් E සහ තන්තු අධික ප්‍රමාණයක් අන්තර්ගත වීම.

02. සූරියකාන්ත බීජ

ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් ඔබේ ගැලවුම්කරුවා ලෙසට සූරියකාන්ත බීජ යොදා ගත හැකි. පරිපූර්ණ සෞඛ්‍ය සම්පන්න ආහාරයක් තමා මේ සූරියකාන්ත බිජ.ඇල්සයිමර් වැනි විවිධ නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම මේ තුළින් අවම වෙනවා.ඔබට ලෙඩ රෝග ඇතිවීම වැළැක්වීමට මීට හැකියාවක් තිබෙනවා වගේම ඔබේ හෘදය නිරෝගීව තබා ගන්නත් මීට පුළුවන්. මෙය ගැබිණි මාතවන්ටත් හරිම හොදයි එය ගැබිණි මව් වරුන්ගේ කලලය නිරෝගීව තබා ගන්නවා.

03. පැපොල්

 පැපොල් යනු හරිම රසවත් ආහාරයක්. ප්‍රතිඔක්සිකාරක මෙහි අඩන්ගු වෙනවා. දැවිල්ලට එරෙහිව සටන් කිරීම, පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම සහ ආහාර ජීර්ණය පාලනය කර ගැනීමට මෙය ඉවහල් කරගන්න පුළුවන්.

04. කිවි

මෙම පලතුර ඇදුම රෝගයට ගොදුරු වී ඇති අයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. මීට හේතුව තමා මෙහි විටමින් C, විටමින් K සහ විටමින් E අඩංගු වීම. ඒ වගේම මෙම ආහාරය මගින් සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි තත්වයන් වළක්වා ගන්න පුළුවන්. ආහාර දිරවීමට,  ඇස් පෙනීම අඩුවීම හෝ නැතිවීම වළක්වා ගැනීමට මෙය ඔබට වඩාත් උපකාරී වේවි.

05. ඉඟුරු

මෙම කුළුබඩු වර්ගය ඔබට පහසුවෙන් ලබාගන්න පුළුවන්. ඔබේ සිරුරට මෙය  පුදුම ලෙස උපකාරී කරනවා. ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි, ශරීරය ලිහිල් කරයි, සහ සමස්තයක් වශයෙන් ආසාදන සමඟ සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව තීව්‍ර කිරීමට මීට හැකී.

06. එල්ඩර්බෙරි

බොහෝ විට විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා මේ ආහාරය  ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇත. මානසික ආතතියට එරෙහිව සටන් කිරීමට මෙම දම් පැහැති බෙරි වලට හැකියාවක් ඇත. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට මීට හැකියාවක් ඇත.

07. බෙල්ලන්

කැලරි ප්‍රමාණය අඩු නමුත් පෝෂණ ගුණයෙන් පිරී ඇති ආහාරයක් තමා බෙල්ලන් කියල කියන්නේ. ඔමේගා -3 මේද අම්ල හා ප්‍රෝටීන් අඩංගු විශිෂ්ට ප්‍රභවයක් ලෙස මෙය හැදින්විය හැකී. දියවැඩියාව ඇතිවීමේ අවදානමද මින් අවම කර ගත හැකී. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දිගටම පවත්වා ගෙන යාමටන්ම් මෙය ඔබත ආහාරයට ගන්න.

08. නිවිති

නිවිති කියන්නේ ගුණ දායි ආහාරයක් කියල අපි හැමෝම දන්නවා. මෙම පෝෂක ආහාරය ඔබේ ප්‍රතිශක්තිය සඳහාද විශිෂ්ට ප්‍රභවයක්. මෙහි මැග්නීසියම් අඩංගු වෙනවා.  ස්නායු ක්‍රියාකාරිත්වය, සෞඛ්‍ය සම්පන්න හෘදයක්, හොඳ රුධිර පීඩනයක් සහ ශක්තිමත් මාංශ පේශි පවත්වා ගැනීමට මෙය ඔබට ලොකූ උපකාරයක් වේවි.

09. කොමඩු

ඔබේ සම සහ හිසකෙස් නිරෝගීව තබා ගැනීමට කොමඩු වලට හැකියාවක් ඇත.ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට සහ ඔබේ ශරීරයේ දැවිල්ල අඩු කිරීමටත් මෙය ඔබට ආහාර වේලට ලබා ගැනීමෙන් පුළුවන්.

10. විටමින් C බහුල පලතුරු

විටමින් C මඟින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රම 20 කින් වැඩි දියුණු කරන්න පුළුවන් කියල තමා වාර්තාවකට අනුව සදහන් වෙන්නේ.ඔබගේ සුදු රුධිරාණු නිරෝගීව තබා ගැනීමටත්, අනවශ්‍ය හෝ අහිතකර සෛල විනාශ කිරීමටත්, ප්‍රතිදේහ නිපදවීම වැඩි කිරීමටත් උපකාරී වෙන්න මීට හැකියාවක් තිබෙනවා.

අමතර,
ආමන්ඩ් වල ප්‍රයෝජන,

හොඳ ආමන්ඩ් ප්‍රමාණයක් ලැබීමෙන් ඔබට ප්‍රයෝජන රැසක් ලබා ගන්න පුළුවන්. මෙය ප්‍රතිශක්තිය ගොඩනගනවා පමණක්ම නෙමේ.  කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි, ඔබේ රුධිරයට වැඩි ප්‍රතිඔක්සිකාරක එකතු කරයි, ඔබේ බර අඩු කර ගැනීමට සහ ඔබේ ඇස් නිරෝගීව තබා ගැනීමට මෙය ඔබට බොහෝ සහයක් දක්වාවි.

 540 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply