අප මාධ්‍ය ජාලය විසින් ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල වංචා දුෂණ හෙළිදරව් කිරීම සඳහා ආරම්භ කරන ලද වැඩසටහනේ මුල් අදියර ලෙස ලංකාවේ රාජ්‍ය ආයතන වලින් දුෂිතම ආයතනය කුමක්ද කියා විමසමින් පෝස්ටුවක් පල කල අතර එයට අති විශාල ප්‍රතිචාර ලැබී තිබේ. එහි පළවූ විවිධ මත සහ අදහස් විශ්ලේෂණය කර බලමින් ජනතාවට රාජ්‍ය ආයතන හරහා සිදුව ඇති අක්‍රමිකතා මෙන්ම දුෂණ වංචා පිළිබඳව රටට හෙළිකරන්නට අප සුදානම් අතර සියලු සාක්ෂි හා සාධයක ඔබ හමුවේ තබමින් ජනතාවට වගකියන සමාජ මාධ්‍ය මෙහෙවරක් ඉටු කිරීමට අප සුදානම්.

ලැබී ඇති ජනතා ප්‍රතිචාර අනුව මෙරට අන්ත දුෂිතම ආයතන අතර මුල් තැන ලැබී ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියට බවයි පෙනී යන්නේ. එයට උදාහරණ කිහිපයක් පහතින්…

අංක එකට දුෂිත කිරුල දිනු පොලීසියේ ක්‍රියා කලාපය අමුතුවෙන් කියන්නට ඕනා නැත පොලීසියට කුමක් හෝ රාජකාරියකට කරගන්නට ඔබ ගොස් ඇතිනම් හා ඔබේ දන්නා හඳුනන නිලධාරියකුගේ උපකාර හෝ නැතිනම් ඒ ගැන කතා කලයුතු නැත. උදාහරණ එමටය පහතින් දැක්වෙන පොස්ට් දෙකේ කොමෙන්ට් කියවා බලන්න අපේ රටේ රාජ්‍ය ආයතනය වලට ඇති තැන හා ඒවා අතර පොලීසියට ඇති තැන ඉතාමත් කේදජනකය.

අපට එවූ එක සිදුවීමක් මෙසේය… පොලීසිය නිට්ටඹුව පොලීසියයි….

මෙම සිදුවීමට මුහුණ දුන් පුද්ගලයා අපට හෙළි කල ආකාරයට එදා උදෑසන පස්යාල මන් සන්ධියේදී ඔහුගේ මෝටර් රථය අනතුරට පත් කරගෙන ලොරි රථයක් පලාගොස් ඇත. එය පැමිණිලි කිරීම සඳහා නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශයට ගිය විට එහි සිටි නිලධාරීන් සත පහකට ගණන් නොගෙන මෝඩ කතා කියමින් අදාළ පුද්ගලයා රස්තියාදු කොට ඇති අතර පැමිණිල්ල හෝ භාර නොගෙන හඹා ගොස් ලොරි රථය අල්ලා නොගත්තේ ඇයි දැයි කියමින් කියා සිට ඇත.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා පොලීසියේ මෙම ක්‍රියාකලාපයන් ඉවසීමේ සීමාව ඉක්මවා ගිය පසු ඔහුගේ හිතවතකු මාර්ගයෙන් රටේ ඉහලම තැනකට කතාකොට ඉහලම නිලධාරියකු ලවා පොලිසියේ HQI අමතා සිදුවීම පිළිබඳ විමසා අදාළ පැමිණිල්ලේ කටයුතු සිදු කරදෙන ලෙස පවසා ඇති අතර ඉන් අනතුරුව ක්‍රියාත්මකවී අදාළ පැමිණිල්ල ලියාගෙන කටයුතු සිදුකර අවසන් වන විට පය 6-7ක් ගතවී හමාරය. එසේ අන්දුනුම්කමක් මාර්ගයෙන් ඒ වැඩේ නොකරගත්තානම් ඔහුට සිදුවන්නේ එක්කෝ පගාවක් දී අදාළ කාර්යය කරගැනීම හෝ ආපසු හිස් අතින් නිවසට යාමටය.

ලොකු ලොක්කන්ගේ සම්බන්ධතාවයන් ඇත්නම් ඔවුන්ට එක විදියකටත් එසේ සම්බන්ධතා නැති ඔබට මට එක විදියකටත් සැලකීම ශ්‍රී ලංකා පොලීසියේ තේමා පාඨය වී හමාරය. දැන් හෝ මේ ක්‍රමය වෙනස් කල යුතුය. ගෝඨාභය ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාවට නැගීමටනම් මුලින්ම පොලීසිය මුල සිට නැවත සැකසිය යුතුමය. ඒ වගකීම ඇත්තේ ආරක්ෂක ලේකම් තුමා වෙතටයි. පොලීසියේ කෙරුවාව කෙසේද යන්න පහත පොස්ට් වල කමෙන්ට් කියවීමෙන් මනාව තේරුම් ගැනීමට හැකි බැවින් අප කියන්නේ බොරුවක් නොවන බව පැහැදිලිය.

නීතිගරුක රටක් හදන්නට පොලිස් දෙපාර්තමේන්තුව හරි පාරට ගන්නට බලධාරීන්ගේ අවධානය යොමු වනතුරු ජනතාවගේ හඬ වෙනුවෙන් අප කැපවන්නෙමු… ඔබටත් මෙවන් අසාධාරණයක් වූවානම් සාක්ෂි විස්තර සමඟ අප වෙත යොමු කරන්න එය රටට කියන්නට අප සුදානම්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here