ජනතාව තළා පෙළා නීති රැකීමෙන් පලක් නෑ

ජනතාව තළා පෙළා නීතිය රැකීමෙන් පලක් නොවන බවත් නීති ගෙනැවිත් තිබෙන්නේ නිලධාරීන්ට මාර්ගෝපදේශන සඳහා පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

නීති ක්‍රියාත්මක කිරීමේ දී අප වැඩ කරන්නේ කාටද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද අප වැඩ කරන්නේ ජනතාව වෙනුවෙන් බවද ඒ මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සියලු ගංගා සංරක්ෂණ කටයුතු ආරම්භ කරමින් ඵෙතිහාසික රුහුණු කතරගම මැණික් නදිය අසල ඊයේ (22) පැවැති උත්සවය අමතමිනි. සෞභාග්‍යයේ හරිතාභිමානය ‘සුරකිමු ගංගා‘ ජාතික පාරිසරික වැඩසටහන පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අප වැඩ කරන්නේ ජනතාව වෙනුවෙන් බවත් ඒ අනුව ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත්ය. නීති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රායෝගික වියයුතු අතර එසේ ප්‍රායෝගික නොවන්නේ නම් ඒවා ක්‍රියාත්මක කිරීමෙන් පලක් නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

 563 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply