මාධ්‍යට අත තිබ්බොත් ළඟදිම සිංහාසනයෙන් බහින්න වෙයි!!!

මාධ්‍ය විසින් සත්‍ය වාර්තා කිරීම පාලකයන්ගේ නොසතුටට කාරණයක් වී ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පවසනවා.

ඊයේ (21) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ජනපතිවරයා විසින් පසුගිය ‘ගම සමඟ පිළිසඳරේදී’ සිදු කළ ප්‍රකාශය මාධ්‍යට එරෙහිව කළ විශාල තර්ජනයක් බවයි.

“කියන්න ලැජ්ජයි. අපි දන්නවා ඇමරිකන් පුරවැසියෙක් තමයි මේ ඉන්දියන් සම්භවය සහිත කතාවක් ඊයේ ඇදලා ගන්නේ. හැබැයි අපි දැක්කා වරාය විකුණන වෙලාවේ මේ රටට ඇත්ත කරුණු ගේන්න ඒ මාධ්‍ය වැදගත් කර්තව්‍යයක් කළා. හැබැයි ඔය කියන රජා හිටියේ මේක විකුණගන්න තැන. ලංකාව විකුණන තැන. ඒ නිසා මේ වෙලාවේ විශාල කාර්‍යභාරයක් කරන මාධ්‍යවලට අත තිබ්බොත් ඒක සිංහාසනයෙන් බහින්න ඉතාමත්ම ළඟ දවස බවට මේ පාලකයෝ පත් කර ගන්නවා කියන එක තමයි අපි මේ ආණ්ඩුවට කියන්නේ” යැයි ඒ මහතා පවසයි.

 627 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply