සැමියා පොලිසිය ඇතුළෙදීම බිරියට ඇසිඩ් ගහලා

උඩුගම පොලිස් ස්ථානය තුළ දී සැමියා විසින් තම 28 හැවිරිදි වියේ පසුවන බිරිඳට එල්ල කළ ඇසිඩ් ප‍්‍රහාරයකින් ඇය බරපතළ පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මෙකී අඹු සැමි යුවළ අතර වූ පවුල් ආරවුලක් විභාග කිරීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස මොවුන් දෙදෙනාට පොලිසිය මගින් දැනුම් දී ඇත. එහෙත් මොවුන් දෙදෙනා ස්ථාන දෙකක සිට අලූයම 5.30ට පමණ පොලිසියට පැමිණ ඇත.

පොලිස් ස්ථානයට ඇතුල්වන අවස්ථාවේ ඇසිඩ් බෝතලයක් සගවාගෙන පැමිණි සැමියා විසින් බිරිඳගේ මුහුණට ඇසිඩ් ගසා ඇත. ඇසිඩ් ප‍්‍රහාරයෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ මෙකී කාන්තාව පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් රෝහල් ගත කිරීමට පියවරගෙන ඇත.

සැකකාර සැමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත් අතර සැකකරුගේ හා පොලිස් නිලධාරියකුගේ දෑත්වලටද අසිඩ් වැදීමෙන් සුළු පිළිස්සුම් තුවාල ලබා ඇත.මොවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකු සිටින අතර පවුල් ආරවුලක් නිසා කාන්තාව විසින් සැමියාගේ නිවසින් පිටව ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

 481 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply