ධීවර සංස්ථාවේ නවීකරණය කළ Sea Fish අලෙවි ජාලය ඇරඹෙයි (PHOTOS)

ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මැතිතුමාගේ උපදෙස් මත රට වටා ඉදිවන නවීකරණය කළ අලෙවිසැල් ජාලයේ පළමු අලෙවිසැල අද දින ගම්පහ නගරයේ දී විවෘත විය.

ලංකා ධීවර සංස්ථාව ජනතාවට වඩාත් හොඳින් සේවය සලසන සහ ලාභදායී ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම නවීකරණය කළ අලෙවිසැල් ජාලය ඉදි වේ.

මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මැතිතුමා සහභාගී විය. එහිදී අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය වසර කිහිපය තුළ පාඩු ලබන ආයතනයක් බවට පත්කර තිබූ ලංකා ධීවර සංස්ථාව ඉතා ඉක්මනින් ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා ධීවර සංස්ථාව සතු අලෙවි ජාලය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නා. ඒ වෙනුවෙන් රටපුරා නවීකරණය කළ උසස් ප්‍රමිතියේ අලෙවිසැල් 25ක් ඇති කරන බවද, පෞද්ගලික අංශයේ නවීන අලෙවිසැල් සමඟ හොඳ තරඟයක් ලබා දීමට ඉදිරියේදී ධීවර සංස්ථා අලෙවිසැල් වලට ද හැකියාවක් ලැබෙන බවද, පෙන්වා දුන්නා.

 403 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply