රාජිත සහ චතුර අද අපරාධ කොට්ඨාසයට

මාධ්‍යවේදියකු පැහැර ගත්තැයි කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න යන දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ අද (22) පෙනී සිටීමට නියමිතය.

තමන් එලෙස ප්‍රකාශ ලබා දීමට පැමිණෙන බව රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න නීතිඥවරයකු මගින් ලිඛිතව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට පැමිණෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය රාජිත සේනාරත්නට සහ චතුර සේනාරත්න යන මහත්වරුන්ට දැනුම් දී තිබුණද, කලින් යොදාගත් දේශපාලන කටයුතු හේතුවෙන් එලෙස කැඳවනු ලැබූ දිනයන්හි පැමිණිය නොහැකි බව සිය නීතිඥවරයා මාර්ගයෙන් ඔවුන් ලිඛිතව පොලිසියට දැනුම් දී තිබුණි.

 562 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply